පුස්සැල්ලාව, ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස මෙරට රැදී සිටි ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පුස්සැල්ලාව පොලීසිය සිදු කළ විමර්ශනයකදී අදාල සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් ඉන්දිය ජාතික පුද්ගලයා අද (05) ගම්පොල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
පුස්සැල්ලාව පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.