මැතිවරණයෙන් ජයග්‍රහණය කළ සභික නාම ලේඛනය සහිත ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතයි

Share

ජාතික මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කළ සභික නාම ලේඛනය සහිත ගැසට් නිවේදනය අද (09) නිකුත් කිරීමට නියමිත බවයි. ඒ අනුව 25% ක කාන්තා නියෝජනය සහිතව සභික නාම ලේඛනය ගැසට් කෙරෙනු ඇත.

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 8690ක් වන අතර කොට්ඨාස මට්ටමින් කාන්තාවන් 535 දෙනෙකු පළාත් පාලන ආයතන සඳහා තේරීපත්ව ඇති බවත් ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

එ් අනුව කාන්තාවන් 1991 දෙනෙකු අතිරේක ලැයිස්තු හරහා නම් කිරීමට නියමිතයි.

Read more

Local News