ගලේවෙල, මොරගොල්ල ප‍්‍රධාන මාර්ගයේ ඉහළවෙලදී මාර්ගයේ ධාවනය වෙමින් තිබු යතුරුපැදියක් හා බස් රථයක් එකිනෙක ගැටිමෙන් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා මියගොස් ඇත.
මිය ගිය පුද්ගලයා විසිහතර හැවිරිදි බේලියකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
බස් රථ රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.