ජපානයේ ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් Katsutoshi Kawana මහතා ඊයේ (09) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවිය.
ශ‍්‍රී ලංකාවේ සමුද්‍රිය ආරක්ෂාව තහවුරු කිරීමට ජපාන නාවික හමුදාවේ සහය ලබාදීමට කටයුතු කරන බව ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානීවරයා මෙහිදී සඳහන් කළේය.
ශ‍්‍රී ලංකා නාවික හමුදාවට ජපානයේ පුහුණු අවස්ථා වැඩිකර දෙන ලෙස ජනාධිපතිතුමා කළ ඉල්ලීමට ද ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානීවරයාගේ එකඟතාවය පළ කෙරිණි.
එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම, ආපදා සහන සේවා ආදී කටයුතු වලදී අවශ්‍ය තාක්ෂණික දැනුම හුවමාරු වැඩසටහන් පිළිබඳව ද අවධානය යොමු විය.