අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) කටුපොත පොල්පිටිය අග්‍රබෝධි පුරාණ රජමහා විහාරයේ සංඝාවාසය සඳහා මුල්ගල තැබීම සිදු කෙරිණි.
සංඝාවාසය ඉදිකිරීම සඳහා අවශ්‍ය අරමුදල් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක “සසුනෝදය” වැඩසටහන යටතේ ලබා දී තිබේ.
පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ පැවති ජාත්‍යන්තර වෙසක් උත්සවයට සමගාමී ව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයක් අනුව “පින් බිම් 12,000ක් යළි අස්වද්දන මහා ජාතික මෙහෙවර” යන තේමාව පෙරදැරිව “සසුනෝදය” වැඩසටහන ආරම්භ කෙරිනි.
“සසුනෝදය” වැඩසටහනට රටේ සියලු පළාත් නියෝජනය වන පරිදි විහාරස්ථාන තෝරාගැනීම සිදුකරනු ලබන අතර මෙම වසරේ දී ද විහාරස්ථාන 1,000 ක ප්‍රතිසංස්කරණ හා සංරක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමට නියමිතයි.