වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසුවේ විශ්වවිද්‍යාලවලින් පිටවන සෑම ළමයෙක්ටම රජයේ රැකියා සඳහා යොමු කිරීම වෙනුවට රටේ ඉදිරිගමනට දායකවිය හැකි පරපුරක් බිහි කරන අධ්‍යාපන ක‍්‍රමයක් ඇති කිරීම රජයේ වගකීම බවයි.
වැවිලි කර්මාන්තයේ තිරසාර සංවර්ධනය අවධානය යොමු තිබෙන අතර වැවිලි ක්ෂේත‍්‍රයේ තිරසාර සංවර්ධනය ගැන අවධානය යොමු කරන විට පරිසරය ආරක්ෂා කිරීම, අගය එකතු කිරීම, මානව සම්පත් සංවර්ධනය විශේෂ වන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
අපගේ ආදායම වැඩි කිරීම, වියදම අඩු කිරීම, කළමනාකරණය දියුණු කිරීම, දූෂණය නාස්තිය අඩු කිරීම යන කරුණු සඳහා නොබියව අවශ්‍ය තීරණ ගත යුතු බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මෙරට වැවිලි ක්ෂේත‍්‍රයේ අලුත් සොයා ගැනීම් අවශ්‍ය වන අතර විශේෂයෙන්ම පුද්ගලික අංශය මේ සඳහා සක‍්‍රීය දායක්තවය ලබාදිය යුතු බව පෙන්වා දුන් ඒ මහතා ඒ වගේම ව්‍යවසායකත්වය වැඩි දියුණු කළ යුතු අතර ව්‍යවසායකත්වය පිළිබඳ පාසලේ සිට ඉගැන්විය යුතු බව පැවසීය.