ජපානය සහ ශ්‍රී ලංකාව අතර ආයෝජන අවස්ථා ශක්තිමත් කර ගැනීමේ සමුළුවක් අද

Share

ජපානය සහ ශ්‍රී ලංකාව අතර ආයෝජන සහ වෙළෙඳ අවස්ථා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ ආයෝජන සමුළුවක් අද (13) දහවල් ටෝකියෝ නුවර ඉම්පීරියල් හෝටලයේදී පැවැත්විණි. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙද අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සහ ජපාන පාර්ලිමේන්තු, ආර්ථීක, වෙළෙද හා කර්මාන්ත උප අමාත්‍ය මසකි ඔගුෂි මහතා ඇතුළු නියෝජිත පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.

Read more

Local News