කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (14) නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ ශ්‍රී ලංකාවට නිරිත දෙසින් පැවති පීඩන අවපාතය, දැනට කොළඹ සිට කි.මී.550 ක් දුරින් ස්ථානගතව පවතින බවත් එය දිවයිනෙන් ඉවතට එනම් අරාබි මුහුද දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.
ඒ හේතුවෙන් දිවයිනට වන බලපෑම ක්‍රමයෙන් අඩුවනු ඇත.
උතුරු, නැගෙනහිර, උතුරු මැද, ඌව සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ. සෙසු ප්‍රදේශවල සවස 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
ඇතැම් ස්ථානවලට, විශේෂයෙන් වව්නියාව, මන්නාර, පුත්තලම, කුරුණෑගල දිස්ත්‍රික්කවල (මි.මි 75 පමණ) තරමක් තද වැසි බලාපොරොත්තු විය හැක.
උතුරු මැද පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට හමන (පැ.කි.මී 50 දක්වා) තරමක් තද සුළං බලාපොරොත්තු වන බවද කාලගුණ අනාවැකියේ දැක්වෙයි.