ජනපති අද ටෝකියෝ නුවර ෂිනගාවාහි නවීන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ නිරික්ෂණ චාරිකාවක

Share

ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (14) පෙරවරුවේ ටෝකියෝ නුවර ෂිනගාවාහි පිහිටි නවීන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.
නවීන තාක්ෂණය උපයෝගි කර ගනිමින්, ඉතා පරිසර හිතකාමී අන්දමින් මෙහි කටයුතු සිදු කෙරෙන අතර එම කටයුතු ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක්විය.
කසළ කළමනාකරණ ක්‍රියාවලියේ අතුරු ඵලයක් ලෙස ජනනය වන තාප ශක්තිය විදුලි බලය බවට පත්කර, එම විදුලිය අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ භාවිතයට ගැනීමෙන් අනතුරුව ඉතිරිවන ප්‍රමාණය ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීම ද මෙහි විශේෂත්වයකි.

Read more

Local News