පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ, පළාත් සභා සීමා නිර්ණය වාර්තාව පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පවත්වන බවයි.
ජාතික සීමා නිර්ණ කොමිසන් සභා වාර්තාව මේ වන විට ඉදිරිපත් කර ඇති බැවින් එය ලබන 21 වැනි දා පාර්ලමේන්තුවේදී විවාදය ගැනීමට නියමිත බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එහිදී සීමා නිර්ණය වාර්තාව තුනෙන් දෙකක බහුතර බලයකින් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට නොහැකි වුවහොත් අගමැතිවරයා පත් කරන කමිටුවක් මඟින් මාස දෙකක් ඇතුළත වාර්තාවක් කැඳවිය යුතු බව අමාත්‍යවරයා සඳහන් කළේය.
එම වාර්තාව අගමැතිවරයා විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු දෙදෙනාගේ ම එකඟතාය මත පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කළ යුතු බව ද අමාත්‍යරයා වැඩිදුරටත් සඳහන් කළේය.