ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රධානත්වයෙන්, ෆේස්බුක් සමාගමේ නියෝජිතයින් සමග සාකච්ඡවක් අද (15) දින කොළඹ, ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.
ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ ෆෙස් බුක් වෙබ් අඩවියට පනවා ඇති තාවකාලික වාරණය හැකි ඉක්මනින් ඉවත් කිරීම සඳහා අවශ්‍ය ආරක්ෂණය සහ ආවේක්ෂණය ක‍්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරමින් සිටින බවයි.
මාර්තු 13 දින මධ්‍යම රාත්‍රියේ සිට වයිබර් සන්නිවේදන ජාලය ක්‍රියාත්මක කිරීමට රජය අවසර ලබාදෙන ලදී. ඊයේ (14) රාත්‍රී 12.00 සිට වට්ස්ඇප් යළි සක්‍රීය කිරීමට ද පියවර ගත්තේ ය.