ශ්‍රි ලංකාව හා බංග්ලාදේශය අතර තීරණාත්මක තරඟය අද

Share

ශ්‍රි ලංකාව හා බංග්ලාදේශය අතර තීරණාත්මක විස්සයි 20 ක්‍රිකට් තරඟය අද (16) පස්වරු 7.00ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි.

ලබන ඉරිදා පැවැත්වීමට නියමිත අවසන් මහා තරගයේදී ඉන්දියාව සමග තරඟවදින ප්‍රතිවාදියා කවුරුන්ද යන්න මෙම තරඟයේදී තීරණය වනු ඇත.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශ යන කණ්ඩායම් දෙකම එක් තරඟය බැගින් ජයගෙන සිටින හෙයින් අද තරඟයෙන් ජය ගන්නා කණ්ඩායමට අවසන් මහා තරගයට පිවිසීමේ පහසු අවස්ථාව උදාවනු ඇත.

මෙම තත්ත්වය තුළ බංග්ලාදේශ සෑම අංශයකින්ම දස්කම් දක්වන ක්‍රීඩක සකීබ් අල් හසන් බංග්ලාදේශයේ සිට ඊයේ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කොට තිබුණි. සකීබ්ගේ සහය අද තරඟයේදී බංග්ලාදේශ පිල ලබා ගැනීම අරමුණ වී තිබේ.

Read more

Local News