කාබනික පො‍හොර නිෂ්පාදන සඳහා දිරි දීමනාවක් – අගමැති

Share

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය සම්පූර්ණ කාබනික පොහොර ධාරිතාව ඉදිරි වසර පහත් හයත් අතර කාලයකින් සම්පූර්ණයෙන්ම සපුරා ගැනීමේ ප්‍රධාන පියවරක් ලෙස මෙරට සිදු කරන කාබනික පොහොර නිෂ්පාදන සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි දිරි දිමනාවක් ගෙවන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශවලට ඊයේ (15) උ‍පදෙස් දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ගේ මූලිකත්වයෙන් කෙරුණු ඉල්ලීමක් අනුව ග්ලයිෆොසෙට් කෘෂි රසායනිකය මෙරටට ගෙන ඒම අත්හිටුවා රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතා කිරීමේ  ක්‍රමවේදය හඳුන්වා දෙනු ලැබීය.

වී වගාව ඇතුළු මෙරට වගා කෙරෙන ආර්ථික භෝග සඳහා අවශ්‍ය පොහොර වශයෙන් කාබනික පොහොර වල ඇති ප්‍රබල හිඟය නිසා තවදුරටත් රසායනික පොහොර භාවිතා කිරීමට සිදු වන බව කෘෂිකර්ම අමාත්‍යාංශය අග්‍රාමාත්‍යවරයා වෙත දැනුම් දී තිබේ.

එම කරුණ සළකා බැලු අගමැති වික්‍රමසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි කාබනික පො‍හොර නිෂ්පාදන සඳහා දිරි දීමනා ගෙවීමට කටයුතු කරන ලෙස අදාළ අංශවලට උපදෙස් ලබා දුන්නේය.

Read more

Local News