හම්බන්තොට සුරුවිරුගම ප්‍රදේශයේ දී වන අලියෙක් පහරදීමෙන් දෙදරු පියෙකු මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ හම්බන්තොට සූරියවැව සුරුවිරුගම පදිංචි දෙදරු පියෙකි.
රාත්‍රී කාලයේදී මිය ගිය පුද්ගලයා නිවසේ සිට එළියට පැමිණි අවස්ථාවේ දී වත්තට පැමිණ සිටි වන අලියා පහරදීමෙන් තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළු කිරීමෙන් පසු කරාපිටිය මහ රෝහලට මාරුකර යැදවීමේදී මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.