පුත්තලම නගරයේ පවත්වා ගෙන ගිය රාත්‍රී ආපන ශාලාවක ඊයේ (18) රාත්‍රී 10.30 ට පමණ ගින්නක් අැති වී තිබේ.
හදිසියේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර ඇති බව පුත්තලම පොලීසිය පවසයි.
මෙම ගින්න නිවා දැමීමට පොලීසිය හා පුත්තලම නගර වාසීන් කටයුතු කර තිබේ.
ගින්න හේතුවෙන් කිසිවෙකුට ජීවිත හානි සිදුවී නොමැති අතර ගින්නෙන් සිදුවී ඇති අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති බව පොලීසිය සඳහන් කරයි.