දකුණු කොරියාවේ Daegn Haany University සහ ලක් රජය අතර ආයුර්වේද, අධ්‍යාපනික ශිෂ්‍ය හුවමාරු වැඩපිළිවෙල පිලිබඳව විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
ඒ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.
එහිදි ශිෂ්‍ය හුවමාරු වැඩපිළිවෙල සදහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට ද තීරණය කෙරුණි.