ජනපති තෙදින නිල සංචාරයක් සඳහා හෙට පාකිස්තානයට

Share

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තෙදින නිල සංචාරයක් සඳහා හෙට (22) පකිස්තානය බලා යාමට නියමිතව බව වාර්තා වේ.
විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ, පකිස්තාන ජනාධිපති මම්නූන් හුසේන්ගේ ආරාධනාවකට අනුව ලබන (24) වනදා දක්වා ජනාපති එරට සංචාරය කරන බවයි.
සංචාරය තුළදී ජනාධිපතිවරයා පකිස්තාන ජාතික දිනයට සහභාගී වීමට නියමිත අතර දෙරට අතර ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිතව තිබේ.

Read more

Local News