විදේශීය කාන්තාවකට ලිංගික අතරව කළ සූපවේදියෙකු අත්අඩංගුවට

Share

බදුල්ල – ඇල්ල ප්‍රදේශයේදී අබුඩාබි සිට පැමිණි විදේශීය කාන්තාවකට ලිංගික අතරව කළ බව කියන ඇල්ලේ සංචාරක හෝටලයක සූපවේදියෙකු අද (27) අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය පවසයි.

සැකකරු ත්‍රීරෝද රථයක් පදවාගෙන පැමිණෙමින් සිටියදි මෙම කාන්තාව එය නවත්වා ඇල්ල නගරයට යාම සඳහා ඊට ගොඩවී ඇති අතර මද දුරක් පැමිණි පසු සැකකරු ඇයට ලිංගික අතවර කර ඇති බවත් ත්‍රීරෝද රථයෙන් බිමට පැනගත් කාන්තාව දිවගොස් හෝටලයකට වැදී සැකකරුගෙන් බේරී ඇති බවත් පැමිණිල්ලේ සඳහන්වන බව පොලිසිය පවසයි.

ඇල්ලේ සංචාරක හෝටලයක 28 හැවිරිදි සූපවේදියෙක් වන සැකකරු හෝටල් හිමියාට නොදන්වා හෝටලයට අයත් ත්‍රිරෝද රථයක් මෙසේ රැගෙන ගොස් ඇති බව පොලිසිය පැැවසීය.

Read more

Local News