පිරවුම්හල් හිමියන්ට ඉන්ධන ලබා ගැනීමට ඇති අපහසුතාවය නිසා දිනකට පිරවුම්හල් 200ක් පමණ වසා දැමීමට සිදුවන බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ පවසනවා.
දැනට ක්‍රියාත්මක අත්පිට මුදලට ඉන්ධන ලබා ගැනීමේ ක්‍රමවේදයෙන් බැහැරව ඒ සඳහා වෙනත් විකල්පයක් ලබාදෙන ලෙසටයි ඔවුන් ඉල්ලා සිටින්නේ.
අදත් දිගු ඉන්ධන පෝලිම් දක්නට ලැබෙනවා.
ඉන්ධන පෝලිම්වල තවමත් අඩුවක් නැහැ. අදත් ප්‍රදේශ කිහිපයකම ඉන්ධන පෝලිම් දක්නට ලැබුණා.
මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉන්ධනහල්වලට දින ගණනාවකට පසු ඩීසල් ලැබී තිබුණා. ඒ අනුව QR ක්‍රමවේදය යටතේ ඉන්ධන ලබා දීම සිදු කෙරුණා.
පාසල් ළමුන් ප්‍රවාහනය කරන පෞද්ගලික බස් රථ සහ වෑන් රථවලට ලංගම ඩිපෝව මගින් ඩීසල් ඉන්ධන නිකුත් නොකිරීම හමුවේ පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව හැටන් ප්‍රදේශයේ රියදුරන් ද ප්‍රකාශ කර තිබෙනවා.
අද දින විදුලි කප්පාදුව පැය දෙකයි විනාඩි විස්සක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබුණා.




