කැළණිය රජමහ විහාරයේ පෞරාණික භාණ්ඩ සොරා ගැනීමක්

Share

කැළණිය රජමහ විහාරයේ පෞරාණික භාණ්ඩ සොරා ගැනීමක් සම්බන්ධයෙන් කැළණිය පොලිසියට ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ, ඉකුත් 02 වන දා මෙම සිද්ධිය සිදුව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් කැළණිය රජමහා විහාරස්ථානයේ සවිකර තිබූ සීසීටීවී කැමරා පද්ධතිවල සැකකරනු ලබන පුද්ගලයෙකුගේ ඡායාරූප සටහන්ව තිබේ.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සදහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ජනතාවට දැනුම් දීමක් සිදු කරයි.

ස්ථානාධිපති දිසා අපරාධ බස්නාහිර පළාත උතුර – 071 – 6868075
කාර්යාලය – 011 – 2947780
ස්ථානාධිපති කැළණිය – 071 – 8591593
පොලිස් ස්ථානය කැළණිය – 011 – 2914666

Read more

Local News