ආසියානු භෞතික විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලිය සඳහා වියට්නාමය බලා යාමට නියමිත සිසුන්ට ජනපති ප්‍රධානත්වයෙන් මුදල් සහ ත්‍යාග ප්‍රදානය කෙරේ

Share

ආසියානු භෞතික විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලිය සදහා වියට්නාමය බලා පිටත්ව යාමට නියමිත පාසල් සිසුන් අට දෙනා වෙත රුපියල් ලක්ෂ 10 ක මුදලක් සහ ත්‍යාග ප්‍රදානය කිරීම සිදුවිය.
ඒ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දීය.
එම සිසුන් වෙත අදාළ චෙක්පත් ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා අතින් ප්‍රදානය කෙරිණි.
ලබන මැයි මස 05 සිට 13 දින දක්වා වියට්නාමයේ පැවැත්වෙන ආසියානු භෞතික විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලිය සදහා මාතර සුජාතා විද්‍යාලය, ඇහැළියගොඩ මධ්‍ය මහා විද්‍යාලය, ගාල්ල රිච්මන්ඩි විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාලය, ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය යන විද්‍යාල නියෝජනය කරමින් සිසුන් අට දෙනෙක් සහභාගී වීමට නියමිත වේ.

Read more

Local News