දැනුම මෙන්ම හැදියාව මුල්කරගත් මානව සම්පතක් රටට අවශ්‍යයි – ජනපති

Share

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මහනුවර ති‍්‍රත්ව විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයට අද (06) පෙරවරුවේ එක්වෙමින් ප‍්‍රකාශ කළේ,

අයහපත් සමාජ තත්ත්වයන් හමුවේ දරුවන්ගේ ආරක්ෂාව සහ රැකවරණය පිළිබඳ සියලු පාර්ශ්වයන් මීට වඩා අවධානයෙන් කටයුතු කළයුතු බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා දැනුම මෙන්ම හැදියාව මුල්කරගත් මානව සම්පතක් රට තුළ ගොඩනැගීම සඳහා සියලු කැපකිරීම් සිදුකිරීමට රජය සූදානම් බව ද අවධාරණය කළේය.

විද්‍යාලයේ විශිෂ්ටතා දැක්වූ සිසුන්ට තිළිණ සහ සහතික පත‍්‍ර පිළිගැන්වීම ද සිදු කෙරුණේ ජනාධිපතිතුමා අතිනි.

1857 දී ආරම්භ කෙරුණු මහනුවර ති‍්‍රත්ව විද්‍යාලය විවිධ ආගම් සහ ජාතීන්ගෙන් යුත් ශිෂ්‍යයන් සමග අන්‍යෝන්‍ය සුහදතාවයෙන් සැමදෙනාගේම මතවලට ගරු කරමින් කටයුතු කරන පාසලකි.

Read more

Local News