පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීම
අප්‍රේල් මස 12 වන බ්‍රහස්පතින්දා බෝපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.
අලුත් අවුරුදු උදාව
අප්‍රේල් මස 14 වන සෙනසුරාදා උදේ 8.13 ට සිංහල අලුත් අවුරුදු උදාවෙයි.
පුණ්‍ය කාලය
අප්‍රේල් මස 14 වන සෙනසුරාදා අලුයම 1.49 සිට අප්‍රේල් මස 14 වන සෙනසුරාදා සවස 2.37 දක්වා.
අාහාර පිසීම
අප්‍රේල් මස 14 වන සෙනසුරාදා උදේ 10.40 ට නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, උතුරු දිශාව බලා, ලිප් බැඳ ගිණි මොලවා හකුරු මිශ්‍ර කිරි බතක් ද තල මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙළ කර ගැනීම මැනවි.
වැඩ අැල්ලීම, ගණුදෙනු කිරීම හා අාහාර අනුභවය
අප්‍රේල් මස 14 වන සෙනසුරාදා පෙරවරු 11.53 ට නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, උතුරු දිශාව බලා, සියලු වැඩ අල්ලා ගණුදෙනු කොට අාහාර අනුභවය මැනවි.
හිස තෙල් ගෑම
අප්‍රේල් මස 16 වන සඳුදා උදේ 10.16 ට උතුරු දිශාව බලා, හිසට දිවුල් පත් ද පයට ඉඹුල් පත් ද තබා සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, තෙල් හා දිවුල් පත් යුෂ මිශ්‍ර නානු ද තෙල් ද ගා ස්නානය කිරීම මැනවි.
රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම
අප්‍රෙල් මස 19 වන බ්‍රහස්පතින්දා කහ හෝ රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී හකුරු මිශ්‍ර කිරි බත් හා කැවිලි වර්ගයක් අනුභව කර උදේ 6.03 ට නැගෙනහිර දිශාව බලා පිටත් වීම මැනවි.