Home දේශීය පුවත් ඉදිරි දින කිහිපයේදී සවස් කාලයේ ගිගිරුම් සහිත වැසි

ඉදිරි දින කිහිපයේදී සවස් කාලයේ ගිගිරුම් සහිත වැසි

0
ඉදිරි දින කිහිපයේදී සවස් කාලයේ ගිගිරුම් සහිත වැසි

ඉදිරි දින කිහිපයේදී සවස් කාලයේ ගිගිරුම් සහිත වැසි ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

දිවයිනේ බොහෝ පළාත්වල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

නැගෙනහිර, ඌව සහ උතුරු පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේදී වැසි ඇතිවේ.

බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සමහර ස්ථාන වලට මි.මී. 100 ක පමණ තද වැසි බලාපොරොත්තු වේ.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කල හැක.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී.

අද දින (10) දහවල් 12:11ට කල්කුඩාව, වැලිකන්ද, පොලොන්නරුව, අඹන්පොළ සහ මදුරන්කුලිය යන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here