Home දේශීය පුවත් රාජකීය විවාහය ආවරණය කරන මාධ්‍යවේදීන් අතරට ශ්‍රී ලංකාවේ කාන්තාවක්

රාජකීය විවාහය ආවරණය කරන මාධ්‍යවේදීන් අතරට ශ්‍රී ලංකාවේ කාන්තාවක්

0
රාජකීය විවාහය ආවරණය කරන මාධ්‍යවේදීන් අතරට ශ්‍රී ලංකාවේ කාන්තාවක්
එංගලන්ත රාජකීය පවුලේ හැරී කුමරු සහ මේගන් කුමරිගේ රාජකීය විවාහොත්සවය මැයි මස 19 වනදා ලන්ඩනයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ පැවැත්වීමට නියමිතය.
හැරී කුමරු සහ මේගන් මාර්කල්ගේ මෙම විවාහයට මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය ආයතනවල දැඩි අවධානයක් යොමුවී තිබෙන අතර රාජකීය යුවලගේ මංගල ඇදුම් සැකසීම කරන්නේ කවුරුන්ද, විවාහ සඳහා තෝරා ගන්නා මල් වර්ගය ගැන පවා මේ වන විට ජාත්‍යන්තර මාධ්‍යවලට උණුසුම් පුවත් මවමින් තිබේ.
එම රාජකීය විවාහය ආවරණය කිරීම සඳහා අවසර ලැබී තිබෙන මාධ්‍යවේදීන් අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් ද එක්ව සිටින බව වාර්තා වේ.
ඒ, කැනඩා ගුවන් විදුලි සංස්ථාවේ සහ කැනේඩියානු රූපවාහිනී නාලිකාවෙහි ප්‍රවෘත්ති ප්‍රකාශයන් ඉදිරිපත් කරන
ඈන් මරී මැදිවක ය. ඇය කැනඩාවේ සම්මානනීය ප්‍රවෘත්ති නිවේදිකාවක් වන අතර 2011 වසරේ ටොරන්ටෝ කාන්තාව නම් ගෞරව සම්මානයන් පවා පිදුම් ලබා තිබේ.
හැරී කුමරු සහ මේගන් මාර්කල් ගේ විවාහොත්සවය ආවරණය කිරීමේ භාරදුර වගකීමක් කැනේඩියානු රුපවාහිනි නාලිකාව සහ එරට ගුවන් විදුලි සංස්ථාව ඈන් මරී මැදිවක හට පැවරීමට ප්‍රධාන හේතුව ඇය මේවන විට එරට සිටින ප්‍රධාන පෙලේ ප්‍රවෘත්ති ප්‍රකාශිකාවක් මෙන්ම වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස ගොඩනගා ගෙන තිබෙන ස්ථාවරය වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here