ජනපති මහනුවර ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදා අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගනී

Share

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඊයේ (13) මහනුවර ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදා ගනිමින් උදාවන අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව මල්වතු මහා විහාරය වෙත ගිය ජනාධිපතිතුමා මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සිද්ධාර්ථ මහානායක හිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේගේ සුවදුක් විමසමින් සුහද පිළිසඳරක නිරත විය.

අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත ගිය ජනාධිපතිතුමා අස්ගිරි මහානායක අතිපුජ්‍ය වරකාගොඩ ශ‍්‍රී ඥානරතන මහානායක ස්වාමින් වහන්සේ බැහැදැක සුවදුක් විචාළේය.

උන්වහන්සේ ද මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කරමින් උදාවන අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.

මේ අතර රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි නායක හිමිපාණන් වහන්සේ වැඩවෙසෙන මහනුවර, මැණික්හින්න, හුරිකඩුව ශ‍්‍රී විද්‍යාසාගර පිරිවෙන් විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා උන්වහන්සේගේ ද සුවදුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය.

Read more

Local News