රට ඉඳිවල මෙතරම් ගුණ ?

Share

රට ඉඳි කියන්නේ කොයි කා අතරත් ජනිප්‍රිය පළතුරක් කියලා ඔයා දන්නවානේ. මිලෙන් වගේම ගුණයෙන් ඉහළ රට ඉඳි ඔයා ආහරයට ගත්තොත් ඔයාගේ රුව, ලස්සන වඩවා ගන්න වගේම නිරෝගීමත්ව ඉන්නත් පුළුවන්. ලෝකයේ බහුතරයක් රටවල්වල දෛනික ආහාර වේල්වල රට ඉඳි අනිවාර්‍යය අංගයක් බවට පත් වෙලා තියෙනවා. රටඉඳිවල ගුණය එහෙමත් නැත්තම් පෝෂණය ඔයා හරියට දැනගෙන ආහාරයට ගත්තොත් ඔයාගේ සිරුරට අවශ්‍ය පෝෂණය ලබාගන්න පුළුවන්.

බර අඩු කර ගැනීම කෙරෙහි අවධානය යොමු කරන අයටත් රට ඉඳි කියන්නේ ආහාරයට ගැනීමට ඉතාම සුදුසු පලතුරක්.

රට ඉඳි ගෙඩි තුනක් කෑමෙන් සිරුරට දවසටම උවමනා විටමින් ප්‍රමාණය ලැබෙන බව ඔබ දන්නවාද? එපමණක් නොවෙයි. තවත් වාසි ගණනාවක් ඉන් ලබාගත හැකියි.

රට ඉඳි කුඩා පලතුරක් වුවත් එය යකඩ කැල්සියම් පොටෑසියම් මැග්නිසියම් මැන්ගනිස් පොස්පරස් තන්තු විටමින් බී6 ආදි වටිනා පෝෂක, ගුණ රාශියකින් යුක්තයි.

එනම්,

ව්ටමින් බී6 බහුලතාවත් සමග එය මොළයට ඉතා හිතකර බව සොයාගෙන තියෙනවා.

මතකය නිවැරදිවීම හා යමකට සාර්ථකව සිත යොමු කිරීමේ හැකියාව ඉන් ඇතිවෙනවා.

ඇල්ෂයමර් මෙන්ම හදවත් රෝගවලටත් එරෙහිව ක්‍රියාත්මක වෙනවා.

මැග්නීසියම් පොටෑසියම් බහුලතාවත් සමග රුධිර පීඩනය අඩු මට්ටමක තබාගැනීමට එය උපකාරි වෙනවා. ඉන් හදවතත් හොඳින් ක්‍රියාත්මක වෙනවා.

සතියකට දෙවරක්වත් රට ඉඳි ආහාරයට ගන්නේ නම් හෘද රෝග ඇතිවීම වළකින බවත්, පවතින ඒවා පාලනය වන බවත් සඳහන්.

රට ඉඳි සඳහා බද්ද අඩු කෙරේ - Sri Lanka Breaking News | TrueNews.lk

රට ඉඳි ක්ෂණික ශක්තිය ලබා දිය හැක්කක්. අධිකව වෙහෙසට පත්වන මැරතන් දිවීම ආදියේදී එය විඩාපත් සිරුරට ශක්තිය ලබා දෙනවා.
එය සිරුරේ විජලනය දුරුකරන්නක් මෙන්ම ආහාර රුචිය ද වඩවන්නක්.

එසේම මලබද්ධයටත් රට ඉඳි ගුණදායකයි. ආහාර ජීර්ණ පද්ධතිය හොඳින් ක්‍රියාත්මක වී අර්ශස් හා පිළිකා රෝග වැළක්වීමට එය උපකාරිවෙනවා.

රට ඉඳි ගැබිණි මවුවරුන්ගේ ගර්භාෂ මාංශ පේශී ශක්තිමත් කරන බවත්, දරුවා ලැබුණු පසු හොඳින් මවුකිරි වර්ධනය කර දෙන බවත් සඳහන්. ගර්භිණී මව්වරුන් 69 දෙනකු යොදාගෙන කෙරුණු පරීක්ෂණයකින් හෙළිවූයේ දිනපතා රට ඉඳි ආහාරයට ගත් පිරිසට, අවසන් මාසය ඉතා පහසු දායක වූ බවයි. දරුවා ලැබීමෙන් පසු ඇතිවන බර අඩු වන ගැටළුත් ඉන් විසඳී තිබුණා.

ශාරීරික මානසික විඩාව දුරුකිරීමට මෙන් ම වියපත්වීමේදී ඇතිවන අස්ථි දිරාපත්වීම් අවම කිරීමට ද රට ඉඳි සමත්.

නිතර රට ඉඳි කෑමෙන් මනාව හිසකේ වැඩීමත් සිදුවෙනවා.

රට ඉඳි වල සැඟවුණු ගුණ

දිගු කෙස් කළඹකට කැමතිනම් වැඩිපුර කෑවොත් හොඳයි. එමගින් කෙට්ටු අයට මහත්වෙන්නත් බර අඩු අයට බර වැඩි කරගන්නත් පුළුවන්. හැබැයි දියවැඩියා ලෙඩුන්ට නම් රට ඉඳි එතරම් හිතකර නැහැ. කෑමට පෙර ඒවායේ ඇති වැඩි පැණිරස ගැන සලකා බැලිය යුතුවෙනවා.

ඉතින් මේ තරම් පෝෂණයක් ලබා දෙන රසවත් ගුණවත් රටඉඳි ඔබේ ආහාර වේලට එකතු කර ගැනීමට අමතක නොකරන්න.

Read more

Local News