රටේ ළමුන් හා කාන්තාවන් ලක්ෂ 09කට මන්දපෝෂණය

Share

රටේ ළමුන් හා කාන්තාවන් ලක්ෂ 09කට අධික පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන බවට අනාවරණය වී තිබෙනවා.

පළාත් 9තුළ අවුරුදු 5ට අඩු මන්දපෝෂණයෙන් පෙලෙන ළමුන් සංඛ්‍යාව 300,746ක් බවත් කාන්තාවන් 671,142ක් බවත් එහි දැක්වෙනවා.

එහි වැඩිම පිරිසක් මන්දපෝෂණයෙන් පෙලෙන බවට තහවුරු වී ඇත්තේ බස්නාහිර පළාතෙන්.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සභාගත කළ වාර්තාවක් උපුටා දක්වමින් පුවත්පත් කිහිපයක් අද මේ පිළිබඳව වාර්තා කළා.

රටේ පෝෂණ අර්බුදය විසඳීමට පසුගිය අයවැයෙන් වෙන් කළ රුපියල් මිලියන 500 ට කුමක් වූවා දැයි වෛද්‍ය චමල් සංජිව අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියා.

Read more

Local News