පහරදීමක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි පාසල් සිසුවෙක් මරුට

Share

හම්බන්තොට, සිප්පිකුලම ප්‍රදේශයේදී පහරදීමක් හේතුවෙන් සිසුවෙකු හම්බන්තොට රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 15ක් වූ බැද්දෙවෙල පාර, හම්බන්තොට ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙක්.

මියගිය සිසුවා හම්බන්තොට නගරයේ පාසලක 10 වසරේ ඉගනුම ලබන අතර ඔහු එදින උපකාරක පන්තියකට සහභාගී වීම සඳහා සිප්පිකුලම ප්‍රදේශයට ගොස් සිටියදී හම්බන්තොට නගරයේ වෙනත් පාසලක සිසුවෙකු විසින් එම උපකාරක පන්තිය අසලට ගොස් මෙම පහරදීම සිදුකර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News