ගෝලීය සාමය සහ ආරක්ෂාව ගැන චීනයේ අදහස

Share

ගෝලීය සාමය සහ ආරක්ෂාව පවත්වා ගැනීම උදෙසා ශැංහයි සහයෝගිතා සංවිධානය සමග ජාත්‍යන්තර සහයෝගීතා පැවැත්වීම ඉතා වැදගත් බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නිත්‍ය නියෝජිත Fu Cong පවසනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ කලාපීය සංවිධාන අතර සහයෝගීතාව පිළිබඳ ආරක්ෂක මණ්ඩලයේ විවාදයේදී ඔහු මේ බව අවධාරණය කළා.

එහිදී අදහස් දැක් වූ Fu Cong, වත්මන් ගෝලීය අභියෝගවලට මුහුණ දීම, බහුධ්‍රැවීය ලෝකයක් නිර්මාණය කිරීම සහ ආර්ථික ගෝලීයකරණය ප්‍රවර්ධනය කිරීමේදී ශැංහයි සහයෝගිතා සංවිධානය සතු සුවිශේෂ කාර්යභාරය පැහැදිලි කළා.

චීනය ශැංහයි සහයෝගිතා සංවිධානයේ ආරම්භක සාමාජිකයෙකු සහ වාරික සභාපති රටක් ලෙස, හවුල් අනාගතයක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැඟීමට සහ ලෝක සාමය ප්‍රවර්ධනයට අඛණ්ඩව උත්සාහ දරනු ඇත.

චීනය ජගත් ප්‍රජාව සමග එක්ව එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ශැංහයි සහයෝගිතා සංවිධානය වැනි කලාපීය සංවිධාන අතර සහයෝගීතා පුළුල් කරමින් ලෝක සාමය හා සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට ක්‍රියා කිරීමට අපේක්ෂා කරන බව ද Fu Cong එහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.

Read more

Local News