ජනපති අද මාලදිවයිනට

Share

මාලදිවයිනේ ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාලදිවයිනේ රාජ්‍ය සංචාරයක් සඳහා අද (28) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගොස් ඇත.
ජූලි 28 සිට 30 වන දා දක්වා සිදු කෙරෙන රාජ්‍ය සංචාරය අතරතුරදී, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාලදිවයිනේ ජනාධිපතිවරයා ඇතුළු එරට ඉහළ පෙළේ නියෝජිතයින් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර, ශ්‍රී ලංකා – මාලදිවයිනේ අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය කිරීම සහ අවබෝධතා ගිවිසුම් කීපයක් හුවමාරු කර ගැනීමට නියමිතය.

එමෙන්ම, මෙම රාජ්‍ය සංචාරය අතරතුර, ජනාධිපතිවරයා මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන ව්‍යාපාරික සංසදය හමුව ඇමතීමට සහ මාලදිවයිනේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමටද නියමිතයි.
මෙම රාජ්‍ය සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් එක්ව සිටියා.

Read more

Local News