පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගැනීමට ඕස්ට්‍රේලියාව සැරසෙයි

Share

විදේශ මාධ්‍ය වාර්තා කරන ආකාරයට, ඉදිරි සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගැනීමට ඕස්ට්‍රේලියාව සැලසුම් කරයි. කෙසේ වෙතත්, අනාගත පලස්තීන පාලනයට හමාස් ත්‍රස්ත කණ්ඩායමට කිසිදු සම්බන්ධයක් නොතිබිය යුතු බවට කොන්දේසියක් පනවා ඇත. අගමැති ඇන්තනී ඇල්බනීස් ප්‍රකාශ කර ඇත්තේ පලස්තීන රාජ්‍යයක් පිළිගැනීම යථාර්ථයක් බවට පත් කිරීමට ඕස්ට්‍රේලියාව ජාත්‍යන්තර ප්‍රජාව සමඟ කටයුතු කරන බවයි.

ඔහු තවදුරටත් සඳහන් කළේ, “ස්වාධීන රාජ්‍යයන් දෙකක් වන ඊශ්‍රායලය සහ පලස්තීනය පැවතීම, මැදපෙරදිග ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමටත්, ගාසා තීරයේ ගැටුම්, දුක් වේදනා සහ සාගතය අවසන් කිරීමටත් ඇති හොඳම බලාපොරොත්තුව බවයි.”

Read more

Local News