හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා අත්තඩංගුවට ගන්නා ලෙස වරෙන්තු

Share

ආගමන හා විගමන පනත යටතේ සිදුකළ වරදකට අදාළව පැවැත්වුණු නඩු විභාගය සඳහා පෙනී නොසිටීම හේතුවෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා.

මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී විත්තිකාරිය අධිකරණය පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තු නිකුත් කිරීම සිදුකෙරුණා.

විත්තිකාර ඩයනා ගමගේ මහත්මියගේ ඇපකරුවන්ටත් නොතිසි නිකුත් කරන ලෙසද නියෝග කෙරුණා.

Read more

Local News