තැපැල් වර්ජනය අවසන් – ලිපි සහ පාර්සල් බෙදා හැරීම ඇරඹේ.

Share

සතියක් පුරා පැවති තැපැල් වර්ජනය ඊයේ අවසන් කර තිබෙනවා. ඉල්ලීම් 19ක් මුල් කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක වූ අතර, ඒ හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 20කට වැඩි පාඩුවක් සිදුව ඇති බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා ප්‍රකාශ කළා.

තැපැල් සේවා අමාත්‍ය නලින්ද ජයතිස්ස සහ වෘත්තීය සමිති නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවකින් පසුව මෙම තීරණයට එළැඹිණි. එහිදී ඉල්ලීම් 19න් 17කට මාසයක් ඇතුළත විසඳුම් ලබා දීමට අමාත්‍යවරයා විසින් තැපැල්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

වර්ජනය හේතුවෙන් ගොඩගැසී තිබූ ලිපි සහ පාර්සල් බෙදා හැරීම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට නැවත ආරම්භ කළ බවද තැපැල්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Read more

Local News