කොටුව මහෙස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය අවට ආරක්ෂාව තර කර තිබෙනවා. ඒ සඳහා පොලීසිය සහ විශේෂ කාර්ය බළකාය යොදවා තිබෙන බවත් අධිකරණයට ඇතුළු වන පුද්ගලයින්ගේ නඩු අංක, ගමන් මලු සහ ඔවුන් දැඩි ලෙස පරීක්ෂාවට ලක් කිරීමට නියමිතයි. මීට අමතරව, කිව් මාර්ගයට (Kew Road) ඇතුළු විය හැක්කේ එහි පදිංචිකරුවන්ට සහ නීතිඥවරුන්ට පමණක් බවත් දන්වා තිබෙනවා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් පවතින නඩුව අද (26) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවීමට නියමිතයි. මෙම චෝදනාව පොදු දේපළ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගිනුයි ගොනු කර ඇත්තේ.
අගෝස්තු 22 දින අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපතිවරයා අද(26) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලද අතර පසුව වෛද්‍ය නිර්දේශ මත කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණා.
මේ වන විටත් ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර අද දිනයේ ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. කෙසේ වෙතත්, විශේෂඥ වෛද්‍යවරුන් 5 දෙනෙකුගෙන් යුත් කමිටුවක් මගින් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අධීක්ෂණය කරන අතර, ඔහුව අධිකරණයට ඉදිරිපත් කළ යුතුද නැද්ද යන්න පිළිබඳ නිර්දේශ ඔවුන් විසින් ඉදිරිපත් කිරීමට නියමිත බවයි වැඩිදුර ආරංචි මාර්ග පවසන්නේ.