මීතොටමුල්ල ප්‍රදේශයේ නිවසකට කඩා වැදී ත්‍රිරෝද රථයක් සහ රුපියල් 26,000ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි හරක් කටා හෙවත් නඳුන් චින්තක වික්‍රමරත්න නමැති ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවාට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය අද කොළඹ මහාධිකරණයේදී පැවැත්වී තිබෙනවා.
කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න ඉදිරියේ පැවති මෙම නඩු විභාගයේදී, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වාගේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු වූ බවටයි වාර්තා වන්නේ.
මෙම නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් මස 29 වනදා දක්වා කල් තැබීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ.
නඩුව කැඳවූ අවස්ථාවේදී දැඩි ආරක්ෂක විධි විධාන යටතේ රක්ෂිත බන්ධනාගාරගතව සිටින හරක් කටා අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර, අධිකරණ ශාලාවට පුද්ගලයින් ඇතුළත් කිරීමද දැඩි පරීක්ෂාවකින් පසුව සිදුවි තිබෙන බවටයි වැඩි දුරටත් වාර්තා වන්නේ.