ලෝක වෙළෙඳපොළේ රත්රං මිල ඉහළ යෑමේ ප්රතිඵලයක් ලෙස මෙරට වෙළෙඳපොළේ රත්රං මිලෙහි තවදුරටත් වර්ධනයක් දක්නට ලැබී තිබෙනවා. ඒ අනුව, කැරට් 22 රන් පවුමක මිල ඉතිහාසයේ පළමු වතාවට අද (17) වන දින රුපියල් 379,200 සීමාව දක්වා ඉහළ ගොස් තිබෙන බවටයි වාර්තා වී තිබුණේ. එමෙන්ම, කැරට් 24 රන් පවුමක මිල රුපියල් 410,000 දක්වා ද ඉහළ ගොස් තිබෙනවා.