වැලිගම ප්‍රාදේශීය සභා සභාපති වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

Share

වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා සිටි වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වන ලසන්ත වික්‍රමසේකර නොහොත් ‘මිදිගම ලසා’ මිය ගොස් තිබෙන බවට වාර්තා වනවා.

අද (22) උදෑසන ඔහු ප්‍රාදේශීය සභා සභාපති පුටුවේ සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකුගේ වෙඩි පහරින් බරපතළ තුවාල ලබා සිටියදී ප්‍රාදේශීය සභා නිලධාරීන් සභාපතිවරයාව මාතර මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණා. දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරේදීයි ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

වෙඩික්කරුවන් දෙදෙනා සභාපතිවරයා හමුවීමට ලිපියක් අත්සන් කර ගැනීමට පැමිණි පුද්ගලයන් ලෙස ප්‍රාදේශීය සභාවට ඇතුළු වී තිබුණු බවටයි තොරතුරු වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ.

Read more

Local News