නීිති විරෝධී පිරමීඩ යෝජනා ක්‍රමයක් පවත්වාගෙන ගිය සැකකරුවන් 07ක් රක්ෂිත බන්ධනාගාරයට

Share

පොලිස්පතිතුමා වෙත ලැබී තිබූ තොරතුරකට අනුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද විමර්ශනයකින් පසු පිරමීඩාකාර යෝජනාක්‍රමයක් පවත්වාගෙන යෑම, ප්‍රවර්ධනය කිරීම හා එම යෝජනා ක්‍රමය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 07 දෙනෙකු ඊයේ(23) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ වයස අවු. 40ත් 64ත් අතර වයස් වල පසුවන රත්මලාන, පන්නිපිටිය, ගල්නෑව හෝකන්දර, පේරාදෙණිය හා කොළඹ 04 ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බවටයි වාර්තා වන්නේ.

Read more

Local News