චීනය දකුණු කොරියාවෙන් කළ ඉල්ලීම

Share

එකම චීනය මූලධර්මයට අනුගත වන ලෙස චීනය දකුණු කොරියාවෙන් ඉල්ලා සිටී.
මෙම වසරේ දකුණු කොරියාවේ පැවති Gwangju Biennale ප්‍රදර්ශනයේ දී තායිවාන ප්‍රදේශයට, එහි සැබෑ ප්‍රාදේශීය නාමයෙන් බැහැරව නුසුදුසු හැඳින්වීමක් භාවිත කරමින් ඊට එක්වීම සඳහා අදාළ සංවිධායකයින් අවසර දී ඇත. මෙය, එකම චීනය මූලධර්මය තදින් උල්ලංඝණය කිරීමක් යැයි චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා ඊයේ (03) අදාළ මාධ්‍ය විමසුමේදී ඇසූ පැනයකට පිළිතුරු දෙමින් පෙන්වා දුන්නේය. චීනය ඊට දැඩි විරෝධය පළ කර තිබේ. සිය වැරදි ක්‍රියාවන් වහාම නිවැරදි කරන ලෙසත්, සැබෑ පියවර මගින් එකම චීනය මූලධර්මය තහවුරු කරන ලෙසත් චීනය දකුණු කොරියානු රජයෙන් ඉල්ලා ඇතැයි හෙතෙම අවධාරණය කර ඇත.
චීන තායිවාන ප්‍රදේශයේ ඊනියා පාලක පක්ෂය වන “ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලි පක්ෂය”මෙවැනි සංස්කෘතික හුවමාරු වැඩසටහන් උපයෝගි කර ගනිමින් බෙදුම්වාදයේ නිරත වීමේ පිළිකුල් සහගත ක්‍රියාවන් කිසි විටෙකත් සාර්ථක නොවනු ඇතැයි Guo Jiakun මහතා ප්‍රකාශ කර තිබේ.
හෙට(05) ආරම්භ වීමට නියමිත එම ප්‍රදර්ශනය සඳහා එක්වන චීන කණ්ඩායම, තායිවාන ප්‍රදේශය හා සම්බන්ධ එහි සංවිධායකයින්ගේ වැරදි ක්‍රියාවට එරෙහිව දැඩි ‍විරෝධය පළ කරමින් ප්‍රදර්ශනයෙන් ඉවත් වන බවට ප්‍රකාශ කර තිබේ. දකුණු කොරියාවේ චීන තානාපති කාර්යාලය ද අදාළ ප්‍රතිචාර දක්වා ඇත.

Read more

Local News