Falklands මතභේදය උණුසුම් වෙයි

Share

ආර්ජන්ටිනාවේ ජනාධිපති Javier Milei, Falklands දූපත් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය සමඟ පවතින මතභේදය තවදුරටත් උණුසුම් කරමින්, එම දූපත් ආසන්න මුහුදේ තෙල් ගවේෂණ කටයුතු සිදුකරන සමාගම්වලට ආර්ථික සම්බාධක පනවන බවට අනතුරු අඟවා තිබේ.
ජාතිය අමතා කළ ප්‍රකාශයකදී Milei මේ බව කියා ඇත.
මෙහිදී, Falklands සම්බන්ධයෙන් මෙතෙක් මධ්‍යස්ථ ස්ථාවරයක් ගත් ඇමරිකාව, සිය ස්ථාවරය නැවත සලකා බැලිය හැකි බවට පළවී ඇති සංඥා පිළිබඳවද Milei සඳහන් කළේය.
බ්‍රිතාන්‍ය සමාගමක් සහ ඊශ්‍රායල් සමාගමක් එක්ව තෙල් ගවේෂණය ආරම්භ කිරීමට නියමිත Sea Lion තෙල් නිධිය, ආර්ජන්ටිනාව වෙත තර්ජනයක් බවද Milei ප්‍රකාශ කළේය.
Falklands සම්බන්ධයෙන් දෙරට අතර 1982දී යුද්ධයක් ඇතිවූ අතර, එම යුද්ධයෙන් වසර 40කට වැඩි කාලයක් ගතවී ඇතත්, දකුණු අත්ලාන්තික් සාගරයේ පිහිටි මෙම දූපත් සමූහයේ අයිතිය සම්බන්ධයෙන් දෙරට අතර තවමත් මතභේදය පවතී.

Read more

Local News