සාමකාමී සංවර්ධනය මිස හමුදා ව්‍යාප්තියක් සිදු නොකරන බව චීනය පවසයි

Share

සාමකාමී සංවර්ධන මාවත ස්ථිර ලෙස අනුගමන කරන සිය රට, කිසිදු හමුදා ව්‍යාප්තියක් සිදු කිරීමට උත්සාහ නොදරන බව චීනය පවසයි.
චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Guo Jiakun ඊයේ(4)පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය. චීනයේ මිසයිල අත්හදා බැලීම් සම්බන්ධයෙන් පැසිෆික් දූපත් රටවල නායකයකුගේ ප්‍රකාශයකට ප්‍රතිචාර වශයෙන් හෙතෙම මෙම අදහස් පළ කර ඇත. අදාළ මිසයිල  අත්හදා බැලීම් සම්බන්ධයෙන් චීනය අවස්ථා කිහිපයකදීම සිය ස්ථාවරය පැහැදිලි කර තිබේ. සාමකාමී සංවර්ධන මාවත ස්ථිර ලෙස අනුගමන කරන චීනය කිසිදු හමුදා ව්‍යාප්තියක් සිදු කිරීමට උත්සාහ නොදරන බව හෙතෙම ප්‍රකාශ කළේය. දකුණු පැසිෆික් දූපත් රටවල් සමග කලාපීය සාමය, ස්ථාවරත්වය, සංවර්ධනය හා සමෘද්ධිය සහතික කිරීම සඳහා දායකත්වය ලබා දීමට චීනය කැමැත්තෙන් සිටින බව ද චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයා පවසා ඇත.

Read more

Local News