26 වන චීන ජාත්‍යන්තර ආයෝජන සහ වෙළඳ ප්‍රදර්ශනය ඇරඹේ

Share

26 වන චීන ජාත්‍යන්තර ආයෝජන සහ වෙළඳ ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය ඊයේ(8) පෙරවරු චීනයේ Xiamen නගරයේ පැවැත්විණ. චීන උප ජනාධිපති Han Zheng එම උත්සවයට සහභාගී වී දේශනයක් පැවැත්වීය.
ගෝලීය ආයෝජන සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා වැදගත් වේදිකාවක් ලෙස, වර්තමානයේ චීන ජාත්‍යන්තර ආයෝජන සහ වෙළඳ ප්‍රදර්ශනය වඩාත් වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව Han Zheng ප්‍රකාශ කළේ ය.
එමෙන්ම ජයග්‍රාහී සහයෝගීතාව අඛණ්ඩව ශක්තිමත් කළ යුතු බවත්, නවෝත්පාදන වර්ධනයේ නව ධාවකයන් බිහි කිරීම කඩිනම් කළ යුතු බවත්, කාර්මික දාමවල ස්ථාවරත්වය හා සුමට ක්‍රියාකාරිත්වය ඒකාබද්ධව පවත්වා ගත යුතු බවත් ඔහු එහිදී යෝජනා කළේය.
එක්සත් ජාතීන්ගේ වෙළඳ හා සංවර්ධන සමුළුවේ වැඩබලන මහලේකම්  Pedro Manuel Moreno සහ සෞදි අරාබියේ සහකාර ආයෝජන අමාත්‍ය Ibrahim Al Mubarak යන අය එම උත්සවයට සහභාගී වී දේශන පැවැත්වූහ.

Read more

Local News