ජාතික ආහාර නිෂ්පාදන සතිය අද සිට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන ජාතික වප්මඟුල් උළෙල “එක්ව නැඟිටිමු – අටුකොටු පුරවමු” තේමාවෙන් අද (06) ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් කැකිරාව තිබ්බටුවැව ජලාශය අසල දී ආරම්භ කෙරේ.

පසුගිය කාලයේ පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කෘෂිකර්මාන්තයේ සිදු වූ පසුබෑම නිසාවෙන් ක්‍රියාත්මක කරන ජාතික ආහාර නිෂ්පාදන සතිය අද සිට ලබන 14දා දක්වා ක්‍රියාත්මක කෙරෙන අතර මෙම සතියක කාලය තුළ දිවයින ම ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන ජනාධිපති කාර්යාලය, රේඛීය අමාත්‍යංශයන්, පළාත් සභා, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා සියලු පළාත් පාලන ආයතන මෙන් ම රාජ්‍ය හා පෞද්ගලික අංශය එක්ව ක්‍රියාත්මක කරයි.