අයහපත් කාලගුණය හේතුවෙන් අද පාසල් කීපයකට නිවාඩු

Share

අයහපත් කාලගුණය හේතුවෙන් බස්නාහිර, මධ්‍යම, දකුණ හා ඌව පළාත්වල සියලුම පාසල් අද (30දා) නිවාඩු ලබාදී ඇති අතර අද පැවැත්වීමට නියමිත පාසල් වාර විභාගද කල් දමා ඇත.

මේ අතර දිවයිනට නිරිත දෙසින් පැවති පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනයවී කොළඹ සිට කිලෝමීටර් 200 පමණ බස්නාහිර දෙසින් පවතින අතර එය තවදුරටත් වර්ධනය වෙමින් අරාබි මුහුද දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (30) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

මේ හේතුවෙන් දිවයිනේ විශේෂයෙන් නිරිතදිග ප්‍රදේශවල තද වැසි සහ විටින් විට හමන තද සුලං (පැ.කි.මී. 60-70පමණ) බලාපොරොත්තුවේ. දිවයිනවටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි, තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශද තවදුරටත් බලාපොරොත්තුවේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ. දකුණු, සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ ඌව පළාත්වල ඇතම්ස්ථානවලට (මි.මි. 100-150 පමණ) ඉතා තද වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read more

Local News