ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් 2020 ඇමෙරිකානු ජනාධිපතිවරණයට?

Share

ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් පිළිබඳ මේ දිනවල උණුසුම් කතා බහක් කරළියට පැමිණ තිබේ.

ඊට හේතු වී ඇත්තේ සකර්බර්ග් වසර 2020 දී හෝ 2024 දී ඇමෙරිකානු ජනාධිපතිවරණයට තරඟ කරන්නට සූදානම් වෙමින් සිටිනවාද යන්නය. සකර්බර්ග් ගේ දේශපාලන උනන්දුව ගැන මෙයට පෙරද සමහර අවස්ථාවල විවිධ කසුකුසු පැතිර ගොස් ඇතත් මෙවර ඒ ගැන වෙනදාට වඩා කාගේත් අවධානයක් යොමු වී ඇති ආකාරයක් දැකිය හැකි වේ. එසේ ඔහු 2020දී ජනාධිපතිවරණයට තරඟ කළහොත් ට්‍රම්ප් සමඟ කරට කර සිටින බව සමීක්ෂණයකින් හෙළිව තිබේ.සකර්බර්ග් හිලරිගේ ප්‍රධාන සංවිධායකයකු වන ජෝයල් බෙනන්සන් ද තම වැඩ කටයුතු සඳහා සම්බන්ධ කරගැනීමද මෙහි විශේෂත්වයකි. කෙසේ වෙතත් මෙම කතාව පැතිරෙන්නට ප්‍රධානම හේතුවක්ව ඇත්තේ 2017 වසරේ තම ජීවිතයේ අභියෝගය ලෙස ඔහු විසින් මෙම අවුරුද්ද පටන් ගනිද්දීම ප්‍රකාශයට පත් කරන ලද කාරණාවකි.

එහිදී සකර්බර්ග් පවසා ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදයේ සෑම ප්‍රාන්තයකම සංචාරය කරමින් ජනතාව මුණ ගැසීම මෙම වසරේ තමාගේ පෞද්ගලික ජීවිතයේ ලොකුම අභියෝගය බවය.

Read more

Local News