ශ්‍රී ලංකාවෙන් රුසියාවට අපනයනය කළ තේ බහාලුමක සිට හමුවූ කෘමියෙක් සිටීමත් සමග පසුගිය 18 වන දා සිට රුසියාව ශ්‍රී ලංකාවෙන් තේ අානයනය කිරීම තාවකාලීකව නවතා දැමීය.
ඒ අනුව, ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන තේ ඇතුළු කෘෂි නිෂ්පාදනවලට රුසියාව විසින් පැන වූ තහනම පිළිබඳව සාකච්ඡා කිරීමට මේ රටින් තාක්ෂණ නිලධාරී කණ්ඩායමක් අද (20) රුසියාව බලා පිටත්ව යෑමට නියමිත බව වාර්තා වෙයි.
එම කණ්ඩායමට තේ මණ්ඩලය, තේ පර්යේෂණ ආයතනය සහ තේ අපනයනකරුවන්ගේ සංගමයේ නිලධාරීන් තිදෙනෙක් එක් වීමට නියමිතයි.
මෙම සාකච්ඡාවෙදී ශ්‍රී ලංකාව විසින් රුසියාවට අපනයනය කරන තේ වල අාරක්ෂාව ඉහළ නැංවීම පිළිබඳව ශ්‍රී ලංකාවෙන් තොරතුරු ඉල්ලා සිටීමට රුසියාව සුදානම් වෙයි.