Tuesday, March 19, 2024.

ඩයනා කුමරියගේ සැඟවුණු කතාවක් කරළියට!

Share

රජ මාලිගයෙන් නික්ම ගොස් වෙනත් පුරුෂයෙකු සමඟ ජීවත් වීම පිළිබඳව සළකා බලමින් සිටි ආකාරය ගැනත් ඇය මෙම සාකච්ඡාවේ දී හෙළිදරව් කර තිබේ
රජ මාලිගයෙන් නික්ම ගොස් වෙනත් පුරුෂයෙකු සමඟ ජීවත් වීම පිළිබඳව සළකා බලමින් සිටි ආකාරය ගැනත් ඇය මෙම සාකච්ඡාවේ දී හෙළිදරව් කර තිබේ

ඩයනා කුමරියගේ ප්‍රශ්නකාරී විවාහ ජීවිතය පිළිබඳ මතභේදාත්මක වීඩියෝ පට විකාශනය නොකරන ලෙස ඇයගේ මිතුරු මිතුරියෝ ‘චැනල් ෆෝ’ රූපවාහිනී නාලිකාවෙන් ඉල්ලා සිටිති.

‘ඩයනා: ඇයගේ ම වදනින්’ (Diana: In Her Own Words) නමැති වාර්තා වැඩසටහන විකාශනය වීමට නියමිතව ඇත්තේ ඩයනා කුමරියගේ මරණයේ විසිවැනි අනුස්මරණයට සමගාමීව ය.

මෙම වාර්තා වැඩසටහන මගින් “මෙතෙක් නොවූවිරූ අන්තර්දෘෂ්ටියක් සැපයෙන” බව චැනල් ෆෝ රූපවාහිනී නාලිකාව පවසයි.

නමුත් ඩයනා කුමරියගේ සමීප යෙහෙළියක වූ රෝසා මොන්ක්ටන් කියා සිටියේ මෙය ඩයනා කුමරියගේ පෞද්ගලිකත්වය පාවාදීමක් බවය.

මෙම වීඩියෝ පට මේවන තුරු ප්‍රසිද්ධියට පත්වී නොමැති බව ඇය පවසන්නීය.

මෙම සාකච්ඡාව ඇතුළත් වීඩියෝ පට 2001 දී ස්කොට්ලන්ඩ් යාර්ඩ් පොලිසිය භාරයට ගත්තේ රාජකීය පවුලේ ප්‍රධාන මෙහෙකරු වූ පෝල් බරල් ගේ නිවස සෝදිසි මෙහෙයුමකට ලක්කළ අවස්ථාවේදී ය
මෙම සාකච්ඡාව ඇතුළත් වීඩියෝ පට 2001 දී ස්කොට්ලන්ඩ් යාර්ඩ් පොලිසිය භාරයට ගත්තේ රාජකීය පවුලේ ප්‍රධාන මෙහෙකරු වූ පෝල් බරල් ගේ නිවස සෝදිසි මෙහෙයුමකට ලක්කළ අවස්ථාවේදී ය

මෙම වාර්තා වැඩසටහනට ඇතුළත් කර ඇත්තේ ඩයනා කුමරියගේ කථන පුහුණුකරු විසින් කැමරාගත කර ඇති වීඩියෝ පට කිහිපයකි.

බ්‍රිතාන්‍ය රජ පවුලේ හිටපු ප්‍රකාශකයෙකු වන ඩිකී ආබිටර් පවසන්නේ “මේ වීඩියෝ පට ලබා දීම අතිශය ලැජ්ජාසහගත ක්‍රියාවක්” බවය.

“මේ පිටුපස කුණු තැවරුණු මුදල් සැරිසරන බවක් තමයි පෙනෙන්නට තියෙන්නේ” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

තම විවාහ ජීවිතය ගැන ඩයනා කුමරිය කැමරාවක් ඉදිරියේ අදහස් ප්‍රකාශ කර ඇත්තේ පීටර් සෙටලින් සමඟය. ඩයනා කුමරියගේ කථන පුහුණුකරු ලෙස ඔහු සේවය කර ඇත්තේ 1992 සහ 1993 කාල අවධියේදී ය.

කෙන්සින්ටන් මාලිගයේ දී සිදු වූ මෙම සාකච්ඡාවේ දී සිය සැමියා වූ චාල්ස් කුමාරයා සමඟ ගත කළ පවුල් ජීවිතය ගැනත්, සිය සැමියා සහ තමන් අතර පැවති ලිංගික ජීවිතය ගැනත්, චාල්ස් කුමරු සහ කැමිලා පාකර් අතර පැවති ප්‍රේම සම්බන්ධයට එරෙහිව තමන් සටන් කළ ආකාරයත් පිළිබඳව ඩයනා කුමරිය අදහස් දක්වා තිබේ.

එහි අයිතිය තමන් සතු බවත්, එම වීඩියෝ පට තමන්ට භාරදෙන ලෙසත් ඩයනා කුමරිය ගේ සහෝදරයා වන අර්ල් ස්පෙන්සර් ඉල්ලා සිටියේය
එහි අයිතිය තමන් සතු බවත්, එම වීඩියෝ පට තමන්ට භාරදෙන ලෙසත් ඩයනා කුමරිය ගේ සහෝදරයා වන අර්ල් ස්පෙන්සර් ඉල්ලා සිටියේය

රජ මාලිගයෙන් නික්ම ගොස් වෙනත් පුරුෂයෙකු සමඟ ජීවත් වීම පිළිබඳව සළකා බලමින් සිටි ආකාරය ගැනත් ඇය මෙම සාකච්ඡාවේ දී හෙළිදරව් කර තිබේ.

ඇය විසින් ප්‍රකාශ කර තිබු එම පුරුෂයා ඩයනා කුමරියගේ ආරක්ෂක නිලධාරියා වූ බැරී මෑනකි විය හැකි බවට විශ්වාස කෙරේ. ඔහු එවකට විවාහක පුද්ගලයෙකි.

මෙම සාකච්ඡාව ඇතුළත් වීඩියෝ පට 2001 දී ස්කොට්ලන්ඩ් යාර්ඩ් පොලිසිය භාරයට ගත්තේ රාජකීය පවුලේ ප්‍රධාන මෙහෙකරු වූ පෝල් බරල් ගේ නිවස සෝදිසි මෙහෙයුමකට ලක්කළ අවස්ථාවේදී ය.

එහි අයිතිය තමන් සතු බවත්, එම වීඩියෝ පට තමන්ට භාරදෙන ලෙසත් ඩයනා කුමරිය ගේ සහෝදරයා වන අර්ල් ස්පෙන්සර් ඉල්ලා සිටියේය.

කෙසේ නමුත් 2004 වසරේ දී එම වීඩියෝ පට පීටර් සෙටලින් ට භාර දීමට ස්කොට්ලන්ඩ් යාර්ඩ් පොලිසිය තීරණය කළේය.

අනතුරුව, එම සාකච්ඡාවේ දී ඩයනා කුමරිය විසින් සිදුකරන ලද ඇතැම් ප්‍රකාශ ඇමරිකාවේ NBC රූපවාහිනී සේවයට අලෙවි කර තිබුණි.

ඒවා උපුටා ගත් වදන් ලෙසින් 2004 අවසාන භාගයේ දී ප්‍රචාරය කෙරුණි.

නමුත් අදවන තුරු එම සාකච්ඡාවේ කොටසක් හෝ මහා බ්‍රිතාන්‍යය තුළ විකාශනය වී නොමැත.

ඩයනා කුමරියගේ දේහය මිහිදන් කළ ස්ථානය
ඩයනා කුමරියගේ දේහය මිහිදන් කළ ස්ථානය
ඩයනා කුමරියගේ මරණයේ දස වැනි අනුස්මරණයට සමගාමීව 2007 දී ප්‍රචාරය වීමට සැලසුම් කර තිබු වාර්තා වැඩසටහනකට ඉහත කී සාකච්ඡාවේ කොටස් ඇතුළත් කිරීමට බීබීසීය කටයුතු යොදා තිබුණු නමුත් එම ව්‍යාපෘතිය නතර කෙරුණි.

කෙසේ නමුත් මෙම සාකච්ඡාව වීඩියෝගත කරන ලද පීටර් සෙටලින් වෙනුවෙන් ප්‍රකාශයක් කරමින් ඔහුගේ නීතිවේදියා කියා සිටියේ ඩයනා කුමරියගේ මරණයෙන් විසි වසරක් ගත වීමෙන් පසුවත් මෙම වීඩියෝ පට ප්‍රසිද්ධියට පත් නොකරන ලෙස ඉල්ලා සිටීම නිවැරදි නොවන බවය.

හදිසි රිය අනතුරකින් ඩයනා කුමරිය මරණයට පත්වුයේ 1997 වසරේ අගෝස්තු 31වැනිදා ය
හදිසි රිය අනතුරකින් ඩයනා කුමරිය මරණයට පත්වුයේ 1997 වසරේ අගෝස්තු 31වැනිදා ය

එම සාකච්ඡාව සිදුකෙරුණේ ඩයනා කුමරිය සිය සැමියාගෙන් වෙන්වීමට කටයුතු සුදානම් කෙරෙමින් පවතින අතරවාරයේ බවත්, ඒ වනවිට ඇය මුහුණ දෙමින් සිටි තත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ඩයනා කුමරියගේ අවශ්‍යතාව වූ බවත් එම නීතිවේදියා තවදුරටත් කියා සිටියේය.

චැනල් ෆෝ නාලිකාවේ ප්‍රකාශකයෙකු කියා සිටියේ ලබන සතියේ විකාශනය වීමට නියමිත මෙම වැඩසටහන “ඉතා වැදගත් ඓතිහාසික මුලාශ්‍රයක්” බවය.

හදිසි රිය අනතුරකින් ඩයනා කුමරිය මරණයට පත්වුයේ 1997 වසරේ අගෝස්තු 31වැනිදා ය.

Read more

Local News