2021 සිට රියදුරු බලපත්‍රයේ මුද්‍රණ කටයුතු සිදුකරන්නේ යුද හමුදාව

Share

ලබන වසරේ ජනවාරි මස 01 වන දින සිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ව විසින් නිකුත් කරනු ලබන රියදුරු බලපත්‍රයේ මුද්‍රණ කටයුතු යුද හමුදාව විසින් සිදුකිරීමට සැලසුම් කර තිබේ.

 

පෞද්ගලික සමාගමක් විසින් දැනට සිදුකරනු ලබන රියදුරු බලපත්‍රයේ මුද්‍රණ ක්‍රියාවලිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිර්දේශයකට අනුව යුද හමුදාවට භාරදීමට පසුගිය ජුලි මස 01 වනදා පැවැති කැබිනට් මණ්ඩලයේ දී ඒකමතිකව තීරණය කරනු ලැබීය.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රියදුරු බලපත්‍රයේ මුද්‍රණ කටයුතු ඇතුළු එම බලපත්‍රය නිකුත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගියදා යුද හමුදා මූලස්ථානයේ දී පවත්වා තිබේ.

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර  සිල්වා මහතා අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා යෝජිත ක්‍රියාකාරි සැලසුම් පරීක්ෂා කර එම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කරගෙන යාමට අදාළ අංශ වෙත උපදෙස් ලබාදෙනු ලැබීය.

ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කළේ මේ ව්‍යාපෘතිය තුළින් යුද හමුදාව ජාතික තොරතුරු තාක්ෂණ කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථාපිත කරමින් රටේ අනාගත ජාතික මට්ටමේ තොරතුරු තාක්ෂණ ව්‍යාපෘතීන් සඳහා සහයවිමේ හැකියාව පිළිබඳව ද කරුණු සාකච්ඡා වූ බවයි.

Read more

Local News