මෙරට ප්‍රතිපත්ති 2ක් ගැන යුනිසෙෆ් ආයතනයෙන් නිවේදනයක්

Share

කිසිදු ළමයෙකු වැඩිහිටි බන්ධනාගාර පද්ධතියට නොපිවිසෙන බවට හා අවම ශ්‍රමික වයස ඉහළ නැංවිම සහතික කරන ඉතා වැදගත් ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ දෙකක් සම්මත කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) ශ්‍රී ලංකා රජයට ප්‍රසාදය පළ කර තිබේ.

 

අවම ශ්‍රමික වයස අවුරුදු 14 සිට 16 දක්වා ඉහළ දැමීමට ගත් තීරණය අවුරුදු 16ක් වන අනිවාර්ය අධ්‍යාපන වයසට කම්කරු නීති අනුරූප කිරීමක් වනු ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

කම්කරු අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සිදුකරන ලද මෙම මුල පිරීම අනිවාර්ය අධ්‍යාපනය සඳහා ළමයින්ට ඇති අයිතිය අර්ථාන්විතව මුදුන් පමුණුවා ගැනීම සඳහා හැකියාව ලබා දෙනු ඇතැයි ද යුනිසෙෆ් ආයතනය සඳහන් කර ඇත.

රජය විසින් ගන්නා ලද මෙම ඓතිහාසික තීරණය ළමයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ළමයින් උදෙසා සාධාරණත්වය හා යුක්තිය සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ කැපවීම ප්‍රබල ලෙස පෙන්නුම් කරන්නක්“ බව යුනිසෙෆ් ශ්‍රී ලංකා නියෝජිත ටිම් සටන් පවසා ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

“ළමයින් නීතිය හමුවට පැමිණවීමේ දී අන් සියල්ලට මත් වඩා වැදගත් වන්නේ ඔවුන් ළමයින් බව සිත තබා ගැනීම යි. සිරගත කර ඔවුන්ගේ නිදහස අහිමි කිරීමෙන් ඔවුන්ගේ සමස්ථ සංවර්ධනයට හා අනාගත යහපැවැත්මට අතිශය ඍණාත්මක හා බෙහෙවින් අහිතකර බලපෑම් ඇති වෙනවා.“ යනුවෙන් ද ඔහු සඳහන් කර ඇත.

Read more

Local News